MH370 යානය කඩා වැටුණු ස්ථානය ගැන ප්‍රබල විශ්වාසයක්
අතුරුදන් වූ MH370 යානය කඩා වැටුණු ස්ථානය පිළිබඳව දැඩි විශ්වාසයක් පවතින බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඉන්මාසැට් (Inmarsat) ආයතනය පවසයි.
එම සමාගම බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ,
ඉන්දියන් සාගරයේ ඔස්ට්‍රේලියාව ආසන්න මුහුදු කලාපයේ එම යානය කඩා වැටුණු බවට දැඩි ලෙස විශ්වාස කරන බව ය.
ඉන්දියන් සාගරයේ ඔස්ට්‍රේලියාව ආසන්න මුහුදු කලාපයේ එම යානය කඩා වැටුණු බවට දැඩි ලෙස විශ්වාස කරන බව ය.
දැනට කර ඇති පරීක්ෂණවලට අනුව එම ස්ථානය තහවුරු වනු ඇතැයි එම සමාගමේ විශ්වාසය යි.
කෙසේ වෙතත්, යානයේ සුන්බුන් සෙවීමේ කටයුතු මේ වන විට අත්හිටුවා තිබේ.
ඉන්මාසැට් සමාගම ප්‍රකාශ කළේ, අදාළ මුහුදු කලාපයේ මුහුදු පතුල පිළිබඳව නෞකා මගින් කෙරෙන විමර්ශන අවසන් වන තුරු සුන්බුන් සෙවීමේ කටයුතු අත්හිටුවා ඇති බව ය.
පසුගිය මාර්තු 8 වන දා MH370 යානය අතුරුදන් වන විට එහි මගීන් 239 දෙනෙක් සිටියහ.

No comments