දර්ගා නගරයට පොලිස් ඇඳිරි නීතිය - (යාවත්කාලීන සංස්කරනය )
අද (15දා) හවස 6.30 සිට නැවත දැනුම්දෙන තුරු අලුත්ගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ ආකාරයට පොලිස් ඇඳිරි නීතිය
යෙදවීමට සිදුවූයේ ප්‍රදේශය තුළ කලහකාරී තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසා සිටියේය.
ඇඳිරි නීතිය ඉවත් කරන වේලාව පිළිබඳ පසුව දැනුම්දෙන බව ඔහු පැවසිය.
ඉකුත්දා ප‍්‍රහාරයට ලක් වූ බව කියන, කුරුඳුවත්ත ශී‍්‍ර විජයාරාම විහාරාධිපති අයගම සමිත හිමියන් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබා අද (15) යළි විහාරස්ථානයට පැමිණීමට නියමිත තිබිණ.
මේ අතර අලූත්ගම සහ ධර්ගා නගරයට උදෑසන සිට පොලිස් හා විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදවා ඇත.

No comments