පිරිමියා කාන්තාවට වඩා බලවත්ය යන්න සත්‍යයක්ද?
ලේඩිස් ෆ්‍රස්ට් එසේත් නැතිනම් කාන්තාවන්ට ප්‍රමුඛත්වය දීමේ පුරුෂ පාර්ශ්වීය විශේෂ දයානුකම්පාවක් තිබේ. ඒ ඇය පිරිමියාට වඩා
දුබලය යන සැඟවුණු අරුතකි. ඒ තුළ ඇත්තේ ඇයට ප්‍රමුඛත්වය දෙන ගෞරවාන්විත බවකට වඩා ඇය දුබල යැයි පිළිගැනීම මත ගොඩනැගුණු අනුකම්පාවකි. කාන්තාව මුල්කොට තකමින් ඇයට ප්‍රමුඛත්වය දීම තුළ ඇති මෙම මානසිකත්වය පොදු ජන සමාජය තුළ රෝගී අයෙකුට හෝ වයෝවෘද්ධ පුද්ගලයෙකුට දක්වන අනුකම්පාව පෙර දැරි වූ ප්‍රමුඛ කොට තැකීමකට දවෛනි නොවන්නකි.
දුබලය යන සැඟවුණු අරුතකි. ඒ තුළ ඇත්තේ ඇයට ප්‍රමුඛත්වය දෙන ගෞරවාන්විත බවකට වඩා ඇය දුබල යැයි පිළිගැනීම මත ගොඩනැගුණු අනුකම්පාවකි. කාන්තාව මුල්කොට තකමින් ඇයට ප්‍රමුඛත්වය දීම තුළ ඇති මෙම මානසිකත්වය පොදු ජන සමාජය තුළ රෝගී අයෙකුට හෝ වයෝවෘද්ධ පුද්ගලයෙකුට දක්වන අනුකම්පාව පෙර දැරි වූ ප්‍රමුඛ කොට තැකීමකට දවෛනි නොවන්නකි.
සමාජ ගත වී ඇති ආකාරයට ගැහැනිය පිරිමියාට වඩා කයින් සැබැවින්ම මනසින් දුබල අයෙක්ද…..? ඒ පිළිබඳ සත්‍යය නම් කාන්තාව සතු බලය හා ශක්තිය පිරිමියාට සාපේක්ෂව ඇය දුබල නොවන බවය. එමෙන්ම යම් යම් කාර්යයන් හි නිරතවීමේදී මෙන්ම තීරණ ගැනීමේ දී ද තමා සතු බලය පිබිදීමේ දී හා ක්‍රියාවේ යෙදවීමේදී පිරිමියාට සාපේක්ෂව විශාල වෙනසක් ඇය තුළ තිබේ. කාන්තාව සතු දුබලකම වශයෙන් බොහෝ දෙනකු වටහා ගන්නේ මෙම වෙනසය.
කාන්තාව සතු බලය පිරිමියාගේ බලය මෙන් එක්වරම පිබිදී උච්චස්ථානයට පැමිණීමත් සමග පිපිරී යන ආකාරයේ බලයක් නොවේ. කාන්තාව සතු බලය, ශක්තිය සිරුර හා මනස පුරා නිරතුරුව හා ඒකාකාරී ලෙස පැතිර පවතින්නකි. කාන්තාව සතු නිරන්තරයෙන් පවතින මෙම ශක්තියට ස්ථායී ශක්තියක් (Constant energy) ලෙසින් හඳුන්වනු ලැබේ. මානව විද්‍යාඥයෝ කාන්තාව සතු මෙම ශක්තිය චීටාවකුගේ ධාවනයකට සම කරති. චීටාවාගේ ධාවනය කිසිවිටෙකත් ප්‍රදර්ශනාත්මක නොවේ.
කුරගැටීමක් වැනි හඬක් ද ඉන් නොනැඟෙයි. යම් ගොදුරක් ඩැහැ ගැනීමේ අරමුණින් කටු පඳුරු, වන ලැහැබ් පීරමින් පැයට කිලෝමීටර 90-100 පමණ වේගයෙන් වුවද ධාවනයේ යෙදීමට චීටාට පුළුවන. චීටාගේ උපරිම ධාවන වේගය පැයට කි.මී. 100ක් බව පැවැසේ. ඒ ආකාරයට චීටා කොතරම් උපරිම වේගයකින් ධාවනයේ යෙදුණද අවසානයේ ඌට දැනෙන විඩාව මිස වෙන කිසිදු උපද්‍රවයකට ඌ පත් නොවේ.
ඒ ආකාරයටම පිරිමියාගේ බලය මානව විද්‍යාඥයින් සමකර සිටින්නේ අශ්වයෙකුගේ ධාවනයකට ය. එය ප්‍රදර්ශනාත්මකය, එමෙන්ම ආටෝපකාරීය. කුරගැටෙන හඬක් ද ඉන් නැගෙයි. එහෙත් චීටාවකුට තරම් වේගයෙන් අශ්වයකුට දිවිය නොහැක.අශ්වයකුගේ උපරිම වේගය පැයට කිලෝ මීටර් අනූවකට සීමා වෙයි. පිරිමියා සතු මෙම ශක්තියට පුපුරා යන ශක්තිය (Burst of Energy) යැයි පවසන්නේ ඒ නිසාය. අශ්වයකුගේ උපරිම වේගය චීටාවකුට වඩා අඩු වුවද ධාවන ශක්තිය ගණනය කිරීමේදී එය අශ්ව බලයෙන් ගණනය කරනවා මිස චීටා බලයකින් ගණනය වීමක් සිදු නොවේ.
කාන්තාව සතු පෙරකී ස්ථායි ශක්තිය සෑම විටකදීම පැතිර පවත්නා සහ ක්‍රම ක්‍රමයෙන් ඉහළට නැංවුවද ස්ථායීව පවත්වාගෙන යා හැකි බලයකි. කාන්තාව සෑම කල්හිදීම තම ශක්තිය ක්‍රමානුකූලව පවත්වා ගෙන ගියද පිරිමියා තම බලය තුළ ආධිපත්‍ය පතුරුවාලමින් උපරිම ස්ථානයක් කරාගෙන ගොස් නිමා කර දමයි. ගැහැනිය හා පිරිමියා අතර මෙම බලයේ, ශක්තියේ වෙනස ලිංගික ක්‍රියාවේදී කදිමට නිරූපණය වෙයි.
එදිනෙදා ජීවිතයේ දී බොහෝ කාලය වැය කරමින් ක්‍රමානුකූලව සිදුකළ යුතු ඉතා සියුම් කාර්යයන් මනා සංයමයකින් යුතුව සිදුකිරීමට කාන්තාව සතු හැකියාව සුවිශේෂ ය.
මැහුම් ගෙතුම්, සියුම් අත්කම් වැනි කාර්යයන්වලදී කාන්තාව සතු මෙම බලය හොඳින්ම ප්‍රදර්ශනය වන්නකි.
කාන්තාවකට කාලාන්තරයක් පුරා විසඳාගත නොහැකි ගැටලුවක් සුළු මොහොතකින් විසඳා දීමට පිරිමියා සතු හැකියාව පිරිමියා සතු ප්‍රබලත්වය දක්වන කදිම නිර්නායකයක් වී තිබේ. එහෙත් මෙම නිර්නායකය එතරම් නිවැරදි නොවේ.
චීටාවාගේ ධාවනය මෙන්ම කාන්තාවගේ බලයද බොහෝ විට ප්‍රදර්ශනය නොවන්නකි.“මහත්තයා වැඩට යනවා. නෝනා නිකං ගෙදර ඉන්නවා.” යැයි යමෙකු කීවද මහත්තයා වැඩට ගොස් සිදුකරන කාර්යභාරය මෙන් හතර පස් ගුණයක මෙහෙවරක් නැතහොත් වැඩ ඒකක ප්‍රමාණයක් ගෙදර සිටින නෝනා අතින් නිහඬව ඉටු වේ.
මහත්තයා රැකියාවට යෑමට මීටර් 500ක් ඇවිදගෙන යද්දී නෝනා දවස පුරා නිවස තුළම කිලෝ මීටර් දහයක් ඇවිද හමාර ය. මේ ආකාරයට කාන්තාවක සතු බලය ශක්තිය බොහෝ විට අන් අයට ගණනය කළ නොහැකි ආකාරයෙන් විසිරී ක්‍රියාත්මක වන්නකි.
ගැහැනියක් හා පිරිමියෙකු යම් යම් කාර්යයන්හි නියැළීමේදී පිරිමියෙකු තමා නිරත වී ඇති කාර්යය මතට ගත සිත යොමු කරමින් ඒ තුළම ජීවත් වන ස්වභාවයක් දැකිය හැකිය. එහෙත් කාන්තාවක් එක විට කාර්යයන් දෙක තුනක හෝ නියැළීමට හැකි ආකාරයට අවධානය හා ශක්තිය බෙදාහැරීමට හපනියකි. ළිප මත හොද්ද පිසෙද්දී දරු පැටවුන් පිළිබඳව ද අවධානයෙන් පසුවෙමින් නිවස ඇමදීම වැනි තවත් වැඩකටයුතු දෙක තුනක නියැළෙන ඇය තුළ බලයේ ශක්තියේ හීනතාවයක් ඇතැයි කාට නම් කිව හැකිද ?
No comments