Header Ads

සිය දියණිය බලහත්කාරයෙන් ගණිකා සේවයේ යෙදවූ මවක් මාලබේදී අත්අඩංගුවට

15 හැවිරිදි දැරියක බලහත්කාරයෙන් ගණිකා සේවයේ යෙදවූ යුවළක් මා‍ලබේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළේ, වසර 3ක පමණ කාලයක් තිස්සේ අදාළ දැරිය ගණිකා සේවයේ යොදවා ඇති බව ය.මාල‍බේ පිහිටි නිවසක එම දැරිය ගණිකා සේවයේ
යොදවනු ලැබ ඇත්තේ, ඇගේ මව විසිනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දැරිය සිය මවගේ නැගණියකට සැල කිරීමෙන් අනතුරුව ඇය ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇත.
ජාතික ළමාරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේ, දැරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි සිය භාරයට ගත් බව ය.
මිතුරන්ටත් බලන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.