හිරු වගේ බලයකින් බලශක්තිය
ප්‍රබල ආදේශයකින් පරිසර හිතකාමී, අසීමාන්තික බලයක් නිපදවීමේ සමත් බලාගාරයක් ඉදිකිරීමට ඇමරිකාවේ හා යුරෝපයේ විද්‍යාඥයින් කටයුතු කරමින් සිටී.
සූර්යයා මත නිපදවෙන ශක්තිය
අප දකින්නේ සූර්යාලෝකය ලෙසයි.සූර්යයා මත හයිඩ්රජන් පරමාණු 2 ක් එකතුවී හීලියම් පරමාණු එකක් සෑදෙන කි‍්‍රයාවලියක් නිරතුරුවම සිදුවෙමින් පවතින අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශක්තිය නිපදවේ.භෞතික විද්‍යාවේදී මෙම කි‍්‍රයාවලිය හැදින්වෙනුයේ ‘න්‍යෂ්ඨික විඛණ්ඩනය‘ ලෙසය.පෘථීවියේ දැනට ඇති න්‍යෂ්ඨික බලාගාර වලදී සිදුවන්නේ මෙම කි‍්‍රයාවලියේ අනෙක් පැත්තය.එනම් එවන් බලාගාර වලදී කිසියම් සංයෝගයක් බිද හෙළා එම බිද හෙළීමේ ප්‍රතිඵලයක් ලෙස ශක්තිය නිපදවා ගැනීම සිදුකෙරේ.මේ සදහා යොදාගැනෙන සංයෝග ඉතා අනතුරුදායක වන අතර ශක්තිය උපුදවා ගැනීමෙන් පසු ඉතිරි වන අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කළ යුතුවේ.
නමුත් සූර්යයාගේ මතුපිට සිදුවන ක්‍රියාවලිය ආදේශයෙන් නිපදවීමට යන බලාගාර වලින් එවන් අපද්‍රව්‍ය බැහැර වීමක් හෝ පරිසර දූෂණයක් සිදුනොවන බව විද්‍යාඥයින් කියයි.එයට ඉන්ධන ලෙස සැපයිය යුත්තේ හයිඩ්රජන් පමණක් වන බවත් එය මුහුදු ජලය විච්ඡේදනය කිරීමෙන් ලබාගත හැකි බවත් ඔවුන් පවසයි.
බලාගාරය සැළසුම් කිරීමේදී නොයෙකුත් බාධා හා අවහිරතා වලට මුහුණදීමට විද්‍යාඥයින් හට සිදුව ඇති අතර ඒ සියල්ල යම් තාක් දුරට හෝ ජයගැනීමට ඔවුන් සමත්ව ඇත.මුලින් ඔවුන් පරීක්ෂණ කරමින් සිටියේ ඇමරිකාවේ පිහිටවූ ‘ජෙට්‘ නම් තාවකාලික බලාගාරයක වන අතර දැන් ප්‍රමාණයෙන් විශාල බලාගාරයක් ප්‍රංශයේ ඉදිකිරීමට ඔවුන් කටයුතු කරමින් සිටී.
2020 වන විට වැඩකටයුතු අවසන් කිරීමට සැළසුම් කර ඇති එයින් මෙගාවොට් 500 ක පමණ බලයක් නිපදවාගත හැකි වනු ඇතැයි සදහන්ය.
නොයෙකුත් ව්‍යාපෘතීන් වලට මුදල් වැය කර සිටින යුරෝපයේ රටවලට හා ඇමරිකාවට මෙම ව්‍යාපෘතිය සදහා වැය වේ යැයි ඇස්තමේන්තු ගත කර ඇති පවුම් බිලියන 17 ක මුදල දැරිය නොහැකි තරම් වන නිසා ව්‍යාපෘතියේ බර දැරීමට ඉන්දියාව,චීනය හා ජපානය වැනි ආසියාතික රටවල් ඉදිරිපත්ව සිටී.
මෙනිසා සොයාගැනීම සිදුකළේ බටහිර වුවද එහි ප්‍රයෝජන මුලින්ම ලබාගනු ඇත්තේ ආසියාකරය බවද පැවසේ.
පර්යේෂණ කටයුතු සාර්ථක වන්නේ ඉතා ඉහළ බලයක් පරිසරයට හානියක් සිදුකිරීමෙන් තොරව උත්පාදනය කර ගැනීමට හැකිවනු ඇතැයිද එය ආනාගතය සදහා වැඩදායක වනු ඇතැයිද විද්‍යාඥයින් කියයි.
No comments