කෙල්ලෝ ගැන තේරුම්කරදීම.
සුරංග මුහුදු වෙරළක ඇවිදිනකොට කකුලේ වැදුනු
ලාම්පුවක් ඇහිඳලා ගත්තලු.. මේක පිරිමදිනකොට වෙනදා වගේම භූතයෙක් මතු උනා…භූතයා : මාව නිදහස් කළාට මල්ලිට ගොඩක් thanks.. ඉතිං මම මල්ලිට එක වරමක් දෙනවා… හොඳට කල්පනා කරලා මල්ලි කැමති දෙයක් ඉල්ලන්න…
ඉතිං සුරාත් දැන් හොඳට කල්පනා කරලා මෙහෙම ඉල්ලුවා….
සුරංග : භූතයා අයියා…. පොඩි කාලේ ඉඳලා මට ආසාවක් තියෙනවා හවායි දූපත් වලට යන්න… ඒ උනාට මම ප්ලේන් එකේ යන්න හරි බයයි… මුහුදෙන් යනවා කියන එක හිතනකොටත් මම වෙව්ලනවා… ඉතිං භූතයා අයියට බැරිද.. මට මෙහෙ ඉඳලා එහාට car එකේ යන්න පුළුවන් වෙන්න පාලමක් හදලා දෙන්න….
මේක අහපු භූතයාට මළ පැන්නා…..
භූතයා : මල්ලි මඟුලක් කථා කරනවා…. මෙහෙ ඉඳලා හවායි වලට පාලමක් හදන්න පුළුවන් මොන භූතයාටද…? කොච්චර දුරද..? මුහුද මැදින්.. අනික කොන්ක්රීට්, යකඩ, සිමෙන්ති… මේවට කොච්චර සල්ලි ඕනෙද… ඒකනම් කරනවා තියා හිතන්නවත් බෑ,…. වෙන එකක් ඉල්ලන්න….
ඉතිං අප්සෙට් වෙච්චි සුරංගයා ආයෙත් කල්පනා කරලා මෙහෙම ඉල්ලුවා….
සුරංග : අනේ එහෙමද භූතයා අයියා… එහෙනම් මොනවා කරන්නද… එහෙනම් මේක කරලා දෙන්නකො…. මොකද මාත් එක්ක කෙල්ලෝ හතර පස් දෙනෙක්ම යාළු වෙලා හිටියනේ… උන් හැමෝම අන්තිමට මාව දාලා ගියේ.. මට එයාලව තේරුම් ගන්න බෑ කියලනේ…. අනේ ඉතිං මට ඔය කෙල්ලන්ව තේරුම් ගන්න පුළුවන් හැකියාව ලබා දෙන්නකෝ…..
ඉතිං භූතයා ඒ පාර සෑහෙන්න වෙලාවක් යනකම් කල්පනා කළා… අන්තිමේදී….
භූතයා : කමක් නෑ මල්ලි…. මල්ලි කියන්නකෝ මල්ලි කැමති lane 4 ක් තියෙන පාලමකටද…? නැත්තම් lane 2 ක් තිබුනොත් ඇත්ද…?
ඉදිරියට රසකතා ගොඩක් අප ඔබට ඉදිරියට ඉදිරිපත් කරන්නට සූදානම්. ඒ නිසා දැන්ම අපේ ෆේස් බුක් පිටුව ලයික් කරන්න. මිතුරන්ටත් බලන්න SHARE කරන්න
No comments