Header Ads

විවාහක ගැහැනු සහ පිරිමින්ගේ රෝග නසන හොදම ප්‍රතිකාරය

ලිංගිකත්වය, බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ කතා කරන්න කැමැති මාතෘකාවක් නොවුණට නවතම පරීක්ෂණවලින් ලිංගික එක්වීම නිසා, කායික මානසික හා සමාජයීය සෞඛ්‍යය කෙරෙහි යහපත් ආකාරයට බලපෑම් ඇතිවන බව සොයා ගෙන තිබෙනවා.
වෛද්‍යය පරේෂණ දක්වන්නේ ලිංගික එක්වීම තුළ
මිග්‍රේන් වේදනාව මෙන්ම පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවධානමද පහව යන බවයි. ප්‍රතිශතයක් ලෙස බොහෝ දෙනෙකු තම සහකරු හෝ සහකාරිය සමග ලිංගිකව එක්වූයේ මාසයකට පස් වතාවක් පමණි.
ඒ කෙසේ වුවද කැනෙඩියානු පරීක්ෂණ වාර්තා අනුව සංසර්ගයේදි කැලරි දහනය වන ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගණනය කිරීමට හැකි වී ඇත. අවුරුදු 18-35 අතර වයස්වල පසුවන යුවළ මේ පරේෂණ සදහා බදුන් කර තිබිණි. ඔවුන් සියල්ලකගේම දෑතේ උඩබාහුවේ බදින ලද මිනුම් පටියක ආධාරයෙන් ඔවුන් සංසර්ගයේ යෙදෙන කාලය අතරතුර දහනය වන කැලරි ප්‍රමාණය මැන බැලීම සිදුවිය.
විනාඩි 25කට ආසන්න කාලයක් පුරාවට සටහන් වුණු දත්තවලට අනුව පුරුෂ පාර්ෂවයේ කැලරි 100ක් දහනය වන විට 69 %ක ප්‍රතිශතයකින් කාන්තාවන්ගේ කැලරි දහනය වී තිබුණි.එය දෙපයින් ඇවිදින විට දහනය වන කැලරි ප්‍රමාණයට වඩා වැඩි අගයක් ගනී. නමුත් ව්‍යායාම කිරීමට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් ලිංගිකව එක්වීමේදි දහනය වුවද එය ව්‍යායාම් කිරීමට වඩා, සාර්ථක ක්‍රමයක් ලෙස කිසිසේත්ම හදුන්වා දී නැත.
ලිංගික ක්‍රියාකාරකම්වල නියැලීමේදි ක්‍රියා කරණුයේ හදවත හා පෙනහළු පමණක්ම නොවේ.මීයන් යොදා කළ පරීක්ෂණයකදි ලිංගික එක්වීමෙන් පසුව උන්ගේ මොළයේ සෛල ක්‍රියාකාරිත්වය වෙනදාටත් වඩා හොදින් සිදුවන බව සොයා ගෙන ඇත. ලිංගික එක්වීමෙන් පසුව උන්ගේ මොළයේ “හිපෝ ක්‍රැම්පස්”නැමති ප්‍රදේශය වැඩියෙන් උත්තේජනය වන බව පෙනී ගොස් ඇත.
පරේක්ෂකයන් පවසන පරිදි නිසියාකාරව ලිංගික ජීවිතයක් පවත්වා ගෙනයන්නන්ගේ මොළයේ ක්‍රියාකාරිතවය නිරන්තරයෙන් වර්ධනය වන බවයි. මතකය නිරන්තරයෙන් අලුත් වෙයි. ලිංගික එකවන අවස්ථාවේදි මොලයේ සෛල උත්තේජනයකට ලක්වේ. ලිංගික එක්වීම උච්ච අවස්ථාවට පත්වන කල්හි නිතර දෙවෙලේ අපි මොළයේ භාවිතයට නොගන්නා කොටස් පවා උත්තේජනයකට ලක්වේ.
අවුරුදු 50ක් ගතවන විට මාසයකට වාර දහයක්වත් ලිංගිකව සංසර්ගයවීම තුළ පුරුෂයන්ගේ පුරස්ථි ග්‍රන්ථි පිළිකා සෑදීමේ අවදානම ඉතා අවම මට්ටමකට පත්වේ.
මීයන් යොදා කළ පරීකෂණවලදි හැගීම් ඉස්මතුවීම තුළ මොළයේ සෛල වර්ධනය වන බව සොයාගෙන තිබේ . නමුත් ලිංගික ක්‍රියාකාරකම්වලින් දුරස් වූ විට මොළය සතු සියලු ශක්ති ප්‍රමණය හීන වී යයි.
ලිංගිකව එක්වීම කාන්තාවකගේ යටිබඩ ආශ්‍රිත මාංශ පේෂීන්වලට ඉතා හොද ව්‍යායාමයකි. එමගින් ඔවුන්ගේ ගර්භාෂය එල්ලා වැටීමේ අවධානම අඩු කරයි. ලිංගිකව එක්වන සෑම විටකම කාන්තාවකගේ ගර්භාෂය ශරීරයටම තල්ලු වී යයි.එමගින් එය ශරීරයෙන් පිටතට ඒම වළකි. සංසර්ගයේ යෙදෙන කාලය තුළ ශ්‍රෝණිතලය නිරාසයෙන්ම උත්තේජනය වන නිසා සංකෝචනයට පත්වේ.එසේ සංකෝචනය වීම තුළ එය තවත් ශක්තිමත් වේ.
සංසර්ගයේ යෙදීම කෙටි කාලයකට සීමා වුවත් ඉහත කී ප්‍රතිඵල ලබා ගතහැක.සාමාන්‍යයෙන් ශ්‍රෝණිය ශක්තිමත්වීම සදහා වරකට අට වතාවකවත් සංකෝචනය විය යුතුය. සාමාන්‍යය එක්වීමකදී වුවද මෙය වාර අටක් පමණ සිදුවන නිසා ඒ සදහාම අමුතුවෙන් දිගු වේලාවක් එක්විය යුතු නොවේ.
අවුරුදු 50කට වැඩි පිරිමි පාර්ශවය මසකට දසවතාවක් පමණ එක්වීම නිසා ශරීරය තුළ නිපදවෙන ශ්‍රකාණු ඉවත් වේ. එවිට නැවතත් ශ්‍රකාණු සෛල අලුතින් නිපදවේ. එසේ නොවී ශ්‍රකාණු ශරීර අභ්‍යයන්තරයේම ශ්‍රකාණු තැන්පත් වීම තුළ පුරස්ථි ග්‍රන්ථි පිළිකා සෑදීමේ අවධානම ඉහළ යයි. නමුත් වයස 20 -30ත් අතර කාලයේදි මාසයකට 20 වතාවකට වඩා ශ්‍රකාණු පිට කිරීම නිසා පසුකාලිනව පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවධානම ඇති කරවයි.
දිගුකාලීනව සංසර්ගයේ නොයෙදීමත් එක්තරා ආකාරයකින් රෝගවලට අතවැනීමක් විය හැකිය.
බිය විශාදය වැනි තත්වය පවතින විට නිසියාකාර ලිංගික ජීවිතයක් පවත්වා ගැනීම තුළින් මානසික යහපැවැත්ම ළගා කරගත හැකිය.කාන්තාවන් සුරාන්තයට පත්වන කාලය අතරතුර මොළයේ රුධිර ගමනා ගමනය තීව්‍ර වේ. එය හිසරදය සමනය සදහා හේතු සාධක සපයයි. මොළය පුරාම රුධිරය ගමන් කිරීම නිසා ඔළුවේ කැක්කුම මෙන්ම වයසට යෑමද පාලනය වෙයි.
සුරාන්තයට පත්වීම තුළ ශරීරය තුළ නිපදවෙන සෙනෙහස වර්ධනය කරන හෝමෝනය තව තවත් වැඩි කරයි. ලිංගික එක්වීමේදි දැනෙන සතුටට අමතරව සහකරු හෝ සහකාරිය සමග ඇතිවන බැදීම තවත් ශක්තිමත් වේ. පුද්ගලයන් 40දෙනෙකු යොදා සිදු කළ පරේෂණවලදි මේ බව තහවුරු වි ඇත. ඔවුන්ට කෘතිමව ඔක්සිටින් හෝමෝනය ලබා දි සහකාරියගේ හා නොදන්නා තවත් කාන්තාවකගේ පින්තූර දකින්න සැළැස්වු විට වැඩි ප්‍රතිඵල ලැබී ඇත්තේ තමන්ගේ සහකාරිය ඇස ගැටුණු විටය.කෙසේ කීවද ලිංගික හැගීම් උද්දීපනය වු විට බොහෝ දෙනෙකු පාහේ සොයා යන්නේ තම ආදරවන්තයා හෝ ආදරවන්තියයි.
ලිංගික ක්‍රියාකාරකම්වල උපරිමයට ළගා වු විට පුරුෂ පාර්ශවයට තදින් නිදිමත දැනේ. ඒ සුරාන්තයට පත්වීමේදි නිපදවෙන හෝමෝන ඉන්පසුව ශරීරයර නින්ද අපේක්ෂා කරන නිසාය. එහිදි හද ගැහෙන රිද්මය පවා දහ ගුණයකින් පමණ වේගවත් වේ. ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවීම කැලරි දහනය වේගවත් කළත් ශරීරයේ නිපදවෙන කැලරි දහනය සදහා ව්‍යයාම අත්‍යවශ්‍යය බව මතක තබා ගත යුතුම කරුණකි.

No comments

Powered by Blogger.