Header Ads

හොරේ අහුවෙලා

දණගානා වයසේ පටන් පුරුද්දක් ලෙස සිය මාපටැඟිල්ල
උරන්නට පුරුදු වූ
තම එකම මුණුපුරා අවුරු 3 හුරතල් වයසේ දීත් නොනවත්වා එය උරනු දුටු
ආච්චී.

“එපා මගෙ පුතේ ඕක කරන්න” කීය
“තොලාම මොතද වෙන්නෙ ආත්තී” සුරතල් පුතු ඇසීය
“පුතාගෙ බඩ ලොකූවෙයි” ආච්චී කිය
“ලොතූ වෙලා”
“ලොකු වෙලා ලොකුවෙලා පුතාගෙ බඩ පුපුරයි”
සැබැවින්ම බියවූ පොඩි එකා ඇඟිල්ල ඉරවීම එදාම නතර කර දැමීය.
වසරක් ගතවිය.
සිය බාල දියණියගේ පළමුවැනි විවාහ සංවත්සරයට සහභාගි වීමට
ලොකු දූ බෑනා හා සිව් වස් මුණුපුරා වඩාගත් ආච්චී ඇතුළු සැම
ඇයගේ නිවසට පැමිණියෝය.

පළමු දරු ප්‍රසූතියට ආසන්නව සිටි ආරාධිතයන් පිළිගනිමින් සිටි
පුංචි අම්මා දුටු පොඩි එකා වහ වහා ආච්චිගේ ඇකයෙන් පැන
ඇය වෙත් දුව ගොස් බඩ අතගා තට්ටුවක් දමා මහ සෙනග මැද,

හා හා හොරා ඔයා අරක දිගටම ඉරුව නේද ? ඇසීය

No comments

Powered by Blogger.