2012 දී ලංකාවේ ළමයි 7418 ක් අපයෝජනයට ලක්වෙලා.
අපයෝජනයට ලක්ව ඇතැයි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමති තිස්ස කරලියද්ද මහතා පාර්ලිමේන්තුවේදි සඳුදා (25) ප්‍රකාශ කළේය. වැඩිම ළමා අපයෝජන සංඛ්‍යාවක් 2012වසරේදි වාර්තාවි ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් එම සංඛ්‍යාව 1174 ක් බවද ඇමතිවරයා කීවේය.
එම ළමා අපයෝජන සිද්ධින් අතරින් සිද්ධින්3800 ක් දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩවම් හිමිවන සිදුවිම් බවත් ළමා මෙහෙකාර සේවයේ යොදවා ඇති ළමුන් සංඛ්‍යාව 313 ක් බවත් ප්‍රකාශ කළේය.
භාරකාරත්වය සහ ආරක්ෂාව අවශ්‍ය ළමුන් 1054 ක් සිටින බව කි ඇමතිවරයා අධ්‍යාපනය නොලබන ළමයින් සංඛ්‍යාව 944 ක් බවද කීවේය. ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ දරුවන් 1307 ක්ද අපචාරවලට ලක්වු ළමුන් 196 ක්ද සිටින බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ළමා අපචාර සිද්ධින් 18777 ක් 2009 වසරේ සිට 2012 වසර දක්වා සිදුව ඇතැයිද පැවසු කරලියද්ද මහතා මේ අතර 2012 වසරේදි පිරිමි ළමුන් 322 ක් වාර්තා වන අතර මේ අයගේ මව්වරුන් විදේශ ගතව ඇතැයිද කීවේය. එසේම අයෝජනයට ලක්වු පිරිමි ළමුන් 35 කගේ පියවරු විදේශගතව ඇතැයි පැවසීය.
එම වසරේම අපයෝජනයට ලක්වු ගැහැණු ළමුන් 269 කගේ මව්වරු විදේශගතව ඇති අතර අපයෝජනයට ලක්වු ගැහැණු ළමුන් 28 කගේ පියවරු විදේශගතව ඇතැයිද ඇමතිවරයා කීවේය.මෙම තත්ත්වය නවතා ගැනිම සඳහා වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින කාන්තාවන් විදේශ ගතවීම වැළැක්විමට රජය කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කළේය.
කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක මහත්මිය ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය
No comments