Header Ads

සැමියා නොමැතිව නිවසින් එළියට ගියා කියා ඇෆ්ගනිස්ථාන කාන්තාවක් හිස ගසා මරා දමයි (PHOTOS)

සිය ස්වාමියා නොමැතිව නගරයට ඇතුළු වූවා කියා අවි ගත් කන්ඩායමක් ඇෆ්ගනිස්ථාන කාන්තාවකගේ හිසගසා මරාදමා තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ සරේ පුල් නැමති පළාතේ ලට්ටි නම් ගම්බද ප්‍රදේශයක කාන්තාවක මෙසේ මරා දැමා ඇත.

මෙම ප්‍රදේශය තලේබාන් පාලනය යටතේ පවතින්නක්.

මෙම කාන්තාව තනිවම වෙළඳසලක් වෙත යන අවස්ථාවකදීයි මෙසේ මරා දමා ඇත්තේ

තලේබාන් නීතිය යටතේ කිසිදු කාන්තාවකට පිරිමියෙකු නොමැතිව නිවසින් එළියට යා නොහැක.

එමෙන්ම කාන්තාවන්ට රැකියා කිරීමට හෝ අධ්‍යාපනය ලැබීමටද එම නීතිය යටතේ නොහැකි බවත්, බුර්කා පැළඳීමටද ඔවුන් බලකරන බවත් සඳහන් වේ.

No comments

Powered by Blogger.